Thursday, November 18, 2021

ICC Hall of Fame ලැයිස්තුවේ කෝ සනත් ?

 

ශ්රීලංකාවෙන් බිහිවුන තෙවන ICC Hall of Fame ලැයිස්තුවේ සාමාජිකයා විදියට හිටපු ශ්රී ලංකා නායක මහේල ජයවර්ධන සම්මානයට පාත්රවුනේ පහුගිය ඉරිදා පැවැත්වුන ලෝක කුසලාන 20-20 ක්රිකට් තරඟාවලියේ අවසාන මහා තරඟය දවසේ. මහේලගේ මේ සම්මානය ගැන ආඩම්බර වෙන ගමන්ම බොහෝ ශ්රීලංකා ක්රිකට් ලෝලීන් පොදුවේ අහන ප්රශ්නයක් තිබුනා. ඒ තමයි මේ ලැයිස්තුවට ඇතුල්වුන මුරලි , සංගක්කාර සහ මහේල කියන විශිෂ්ඨයන්ටත් කලින් ශ්රීලංකාව කියන පුංචි දූපත ක්රිකට් ලෝකයේ දැවැන්තයෙක් වශයෙන් ඔසවලා තියපු ලෝකයක් ආදරය කරපු වමත් ප්රහාරකයා සනත් ටෙරාන් ජයසූරිය කියන නම ඇයි තවමත් මේ Hall of Fame ලැයිස්තුවේ අපිට දකින්න හැකියාවක් නැත්තේ කියන එක.
ඇත්තටම සනත් ජයසුරියට මේ ලැයිස්තුවේ ඉඩක් නැද්ද , ඇයි සනත් ජයසූරිය කියන නම තාමත් මේ ලැයිස්තුවේ නැත්තේ , සනත් ජයසූරිය කියන නම මේ ලැයිස්තුවේ ලියවෙන එකක් නැද්ද . මේ ප්රශ්න වලට උත්තරයක් විදියට තමයි මේ ලිපිය ලියන්න අදහස් කරේ..
සනත් ජයසූරිය කියන නම ඇයි තාමත් මේ ලැයිස්තුවේ නැත්තේ කියලා හොයලා බලන්න කලින් අපි මුලින් බලමු ICC Hall of Fame සඳහා නිර්දේශ වෙන්න මොනවද ක්රීඩකයෙක්ට තිබිය යුතු මූලික සුදුසුකම් කියලා.
1) එම ක්රීඩකයා/ක්රීඩිකාව පිතිකරුවෙක්(Batter) නම් අවම වශයෙන් එක්දින හෝ ටෙස්ට් ආකෘතියක ලකුණු 8000ක් සහ ශතක 20ක් රැස් කර තිබිය යුතුයි නොඑසේ නම් එම පිතිකරුවාගේ ටෙස්ට් හෝ එක්දින ඉනිමක සාමාන්ය ලකුණු 50 සීමාව ඉක්මවා තිබිය යුතුයි.
2) එම ක්රීඩකයා හෝ ක්රීඩිකාව පන්දු යවන්නෙක් නම් (bowler) එම පන්දුයවන්නාගේ නම ඉදිරියේ ටෙස්ට් හෝ එක්දින කඩුළු 200ක් සටහන් වී තිබිය යුතුයි.එමෙන්ම ඔහුගේ කඩුල්ලක ප්රහාරක වේගය (strike rate) ටෙස්ට් ආකෘතියේදී 50ට සහ එක්දින ආකෘතියේදී 30ට අඩුවිය යුතුයි.
3) එම ක්රීඩකයා කඩුළු රකින්නෙක් (wicket Keeper) නම් ඔහුගේ/ඇයගේ නම ඉදිරියේ ජ්යාත්යන්තර (ටෙස්ට් හා එක්දින)දවාගැනීම් 200ක් සටහන් වී තිබිය යුතුයි.
4)එම ක්රීඩකයා නායකත්වය(Captain )වෙනුවෙන් නිර්දේශ වන්නේ නම් ඔහු/ඇය අවම වශයෙන් ටෙස්ට් තරඟ 25ක් හෝ එක්දින තරඟ100කදී සිය රට මෙහෙයවමින් ඉන් එක් ආකෘතියකදී හෝ ආකෘති දෙකේදීම ජයග්රාහී ප්රතිශතය 50%කට වැඩියෙන් රඳවා ගෙන තිබිය යුතුයි.
5) එම ක්රීඩකයා ජ්යාත්යන්තර ක්රීඩාවෙන් සමුගෙන වසර 05ක් ගතවී තිබිය යුතුයි.
මේවා තමයි යම් ක්රීඩකයෙක් හෝ ක්රීඩිකාවක් ICC Hall of Fame සම්මානය සඳහා සම්පූර්ණ කරන්න ඕනේ මූලික සුදුසුකම්.මේ ටික කියෙව්ව කෙනෙක්ට හිතෙන්න පුලුවන් අදාල අංශ වලින් සනත් ජයසූරියට මොනවද මේකට අඩු කියලා. එක්දින ලකුණු 13430ක් , එක්දින කඩුළු 323ක් , නායකයෙක් විදියට එක්දින තරඟ 118කදී ශ්රීලංකාව මෙහයවලා 58.26ක් විදියට අතිශය ඉහල ජයග්රාහී ප්රතිශතයක් මේ දත්තයන් දිහා බැලුවාම ඇත්තටම සනත් ජයසූරිය මේ ලැයිස්තු වල නොමැතිවීම ඕනම කෙනෙක්ට ගැටළුවක් වෙන්න පුලුවන්.
දැන් අපි බලමු ICC මේ ලැයිස්තුවට ක්රීඩකයින් ඇතුලත් කරණ ප්රධාන ඛාන්ඩයන් මොනවද කියලා.
1) 1918ට පෙර යුගය හෙවත් පූර්ව ලෝක යුධ සමය
2) 1918-45 යුගය හෙවත් ලෝක යුධ සමය
3) 1946-70 යුගය හෙවත් පශ්චාත් යුධ සමය
4) 1971-96 යුගය හෙවත් එක්දින යුගය
5) 1996-2015 යුගය හෙවත් නූතන් යුගය
මෙන්න මේ විදියට තමයි ජ්යාත්යන්තර ක්රිකට් කවුන්සිලය ක්රීඩකයින් වර්ගීකරණය සිද්ධ කරන්නෙ. අපේ කතානායකයා අවුරුදු 07ක් එක්දින යුගයේත් අවුරුදු 15ක් නූතන යුගයේත් ක්රීඩාවේ යෙදිලා තියෙනවා. ඒ වගේම සනත් ජයසුරිය කියන නම ලෝක ක්රිඩට් ක්රීඩාවේ වැඩි වැඩියෙන් කියැවෙන්න පටන්ගන්නේ 1996 ඉඳලා නිසාවෙන් සනත් ජයසූරිය අයිති වෙන්නේ මේ ඛාන්ඩයන්ගෙන් නූතන යුගයට.
දත්තයන් සම්පූර්ණයි. යුගය පැහැදිලියි. කෝ සනත් ? හැම කෙනෙක්ටම එන ප්රධාන ගැටළුව තමයි ඒක.
ඇත්තටම මේ කාරණා වලට අමතරව ICC මගින් ක්රීඩකයෙක් මේ සඳහා නිර්දේශ කරද්දි මේ මූලික කාරණා වලට අමතරව සලකා බැලෙන තවත් අතුරු කාරණා කිහිපයක් තියෙනවා. ඒකෙන් ප්රධානතම කාරණාවක් වෙන්නේ ක්රීඩකයා ක්රීඩාකරන සමයේදී හෝ ඉන්පසුව ජ්යාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය ඉදිරියේ වරදකරුවෙක් වී තිබේද කියන කාරණාව. ප්රශ්නය මතුවෙන්නේ අන්න එතනින්. සනත් ජයසූරිය කියන පරිපාලකයාට එරෙහිව ICC යෙන් දූෂණ චෝදනාවක් එල්ල වෙන්නේ 2018 වසරේදී. නමුත් සනත් ජයසූරිය විසින් එම පරීක්ෂණ වලට සහය දැක්වීම ප්රතික්ෂේප කිරීමත් සමගම ICCයෙන් සනත් ජයසූරියට වසර 2ක ක්රිකට් ක්රීඩාවට සම්බන්ධ කිසිදු කාරණාවකට සම්බන්ධ විය නොහැකි ආකාරයෙන් තරඟ තහනමක් පනවනවා. ඊට අදාල මාධ්ය නිවේදනය 2019-02-26 වනදා නිකුත් කරනවා.
මෙන්න මේ කාරණාව තමයි සනත් ජයසූරිය කියන නම ICC HALL OF FAMES ලැයිස්තුවට එක්වීමට ප්රධානම බාධාව වශයෙන් ක්රියාත්මක වෙන්නේ.සනත් ජයසූරිය නිවැරදිකරුවෙක් යැයි කියා සිටියත් එය ඔප්පු කිරීමට ICC ආයතනයට පරීක්ෂණයන්ට සහය නොදැක්වීම නිසා ඔහු වරදකරු බවට පත්කීරීමට ICC ක්රියාකල නිසා ඔහු දැන් ICC ඉදිරියේ වරදකරුවන් වූ ලැයිස්තුවට ඇතුලත් වී හමාරයි. මේ නිසා අපට සමහර විටෙක ලොවක් වසඟයට ගත් වමත් ප්රහාරකයා සනත් ටෙරාන් ජයසූරිය නාමය ICC HALL OF FAMES ලැයිස්තුවේ කිසි දිනක දක්නට නොලැබීම හෝ සෑහෙන කාලයක් යන තුරු දක්නට නොලැබීම සිදුවෙන්න පුලුවන්.
ඔන්න ඕක තමයි මුත්තයියා මුරලිදරන් , කුමාර් සංගක්කාර , මහේල ජයවර්ධන නූතන යුගයේ අතිවිශිෂ්ඨයින් විදියට තමන්ගේ නම ICC HALL OF FAMES ලැයිස්තුවට එක්කරගන්නා අතරේ සනත් ජයසූරිය කියන නම තාමත් අපිට ඒ ලැයිස්තුවේ දැකගැනීමට හැකියාවක් නැත්තේ.
 
(ලිපියේ මුල් හිමිකරුට ස්තූතියි)
 

 


No comments:

Post a Comment

ඇල්පිටිය ධම්සර සෙනසුනෙහි වාර්ෂික කඨින මහා පුණ්‍ය පුණ්‍යෝත්සවය

ඇල්පිටිය ධම්සර සෙනසුනෙහි වාර්ෂික කඨින මහා පුණ් ‍ ය පුණ් ‍ යෝත්සවයට සමගාමීව පැවැත්වූ සම්බුද්ධ පූජා පිංකම ඌරන්වල ධම්සර සෙනසුන්හි විහාරාධිපති අ...